Friday, April 19, 2024

General line - 0115112241

දෙමළ පක්ෂයක් ‘ඊළාම්’ හළයි




සිය පක්ෂ නාමය වෙනස් කිරීමට ඊ.පී.ආර්.එල්.එෆ් හෙවත් ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.

එහි වර්ධරාජා පිලේ නායක උතුරු නැගෙනහිර හිටපු ප‍්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

නව නාමය ලෙස දෙමළ ජනතා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය යන්න යෝජනා වී තිබෙනවා. ඒ අනුව ඊළාම් යන යෙදුම ඔවුන්ගේ නමින් ඉවත් වෙනු ඇති.