Friday, April 19, 2024

General line - 0115112241

සූවස් ඇලේ සිරවූ ලෝක වෙළඳාම බේරාගැනිම අසාර්ථක වෙයි




ඊජිප්තුවේ සූවස් ඇල අවහිර කරමින් සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නැවත යත්‍රා කරවීම සඳහා මේ වන විට පාර්ශව රැසක් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් වී ඇත්තේ මුහුදේ ඇති විය හැකි උදම් රළ උපයෝගී කර ගනිමින් ටග් යාත්‍රා 14ක් යොදා නෞකාව යළි යථා තතත්ත්වයට පත් කිරීමයි. එය ආසාර්ථක වුවුහොත් තවත් යාත්‍රා මෙහෙයුමට එක් කර ගැනීමටයි අපේක්ෂාව වී ඇත්තේ. නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියෙකු පවසන්නේ නෞකාව යළි යාත්‍රා කරවීමට ඇති එකම විකල්පය මෙය බවයි. 

මේ වන විටත් නෞකාව අවට තිබූ වැලි ටොන් 20,000ක් සහ නෞකාවේ තිබූ ජලය ටොන් 9,000ක් ඉවත් කර අවසන්. ඉවත් කළ යුතු බවට සැලකෙන වැලි ප්‍රමාණය කියුබික් අඩි හත් ලක්ෂ 6,000ක්. කෙසේවෙතත් ඊයේ රාත්‍රීයේ නෞකාව යාථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ පලමු මෙහෙයුම ආසාර්ථක වී තිබෙනවා. ඒ, අධික ලෙස වඩදිය භාදිය තත්ත්වය හේතුවෙන්.

කෙසේවෙතත් එම මෙහෙයුමෙන් සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බැවින් නෞකාව යළි යාත්‍රා කරවීමේ මෙහෙයුමක් අද දිනයේද සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. මෙහෙයුමේදී සූවස් ඇල ඉවුරු දෙකේ සිරවී තිබු නෞකාව අංශක 30ක් දියඹ දෙසට ගැනීමට හැකි විම ජයග්‍රහණයක් බව බලධාරීන් පවසනවා. දැන් සූදානම් වන්නේ බහාලුම් කොටසක් ඉවත් නොකර නෞකාව නිවැරිදි දිශාවට හරවා ගැනීමටයි.

ඒවර් ගිවන් නම් වූ අඩි 1300ක් දිග මෙම නෞකාව ලොව වඩාත් කාර්යය බහුලම වෙළද නාවික මාර්ගය වන සූවස් ඇලේ සිර වුණේ ඉකුත් අගහරුවාදායි. ඒ, ටොන් දෙලක්ෂ 24,000ක් බර බහාලුම් 20,000ක්ද සමගයි. මේ හේතුවෙන් මේ වන විටත් නෞකාව 321ක් සූවස් ඇල අවට නැංගුරම් ලා තිබෙනවා. එලෙස සිරවී ඇති නෞකා 13ක සිටින්නේ සත්වයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඇතැම් නෞකා අප්‍රිකාව වටා දීර්ඝ ගමන් මාර්ගයට පිවිස ඇත්තේ ඒ සඳහා වැය වන කාලය සහ අතිරේක වැය බරද නොතකමින්. 

පවතින තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ ඉන්ධන, ගෑස්, ආහාර, පොහොර, රථ වාහන මෙන්ම සතුන්ද රැගත් බහාලුම් සහති නෞකා මුහුදේ සිරවී තිබීමයි. මේ හේතුවෙන් යුරෝපයේ ගෑස් මිල ගණන්ද ඉහල ගොස් තිබෙනවා. 

ගෝලීය වෙළදාමෙන් සියයට 12ක් සූවස් ඇල හරහා සිදුවන අතර එහි දෛනික වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 09යි දශම 06ක් එනම් ලෝක ආර්ථිකයට පැයකට අහිමිවන මුදල ඩොලර් මිලියන 400ක්. ඊජිප්තුවේ දෛනික ආදායමද ඩොලර් මිලියන 14කින් අඩු වී තිබෙනවා.