Thursday, April 25, 2024

General line - 0115112241

ඉරිදා පුජාව මැද ඉන්දුනීසියාවේ දේවස්ථානයකටත් ප්‍රහාරයක්




ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මෙහිදී සිදුව ඇති බවට වාර්තා පලවන බවයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන්.

තුවාල ලබා ඇත්තේ ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණ ඇති බැතිමතුන් පිරිසක්. බැතිමතුන් මෙලෙස පැමිණ සිටියේ පාස්කු ඉරිදාවට අදාල පලමු දේව මෙහෙය සඳහායි. 

ප්‍රහාරකයා එම දේවස්ථානයට ඇතුළුවීමට උත්සහ කිරීමේදී ආරක්ෂ අංශ විසින් ඔහු පරීක්ෂා කිරීමට උත්සහ දරා ඇති අතර එහිදී බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.