Friday, March 29, 2024

General line - 0115112241

වසර 16ක ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අමෙරිකාවේදී බිඳ වැටේ




වසර 16ක් පැරණි ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අද බිද වැටුනා. ඒ,  අමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මලල ක්‍රීඩා තරගාවලියේදීයි. එහි පැවති උස පැනීමේ ඉසව්වේදී ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගත්තේ උෂාන් තිවංක පෙරේරායි. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 2 දශම 28ක්.

උෂාන් තිවංක මෙලෙස බිඳහෙලුවේ 2004 වසරේදී මංජුල කුමාර විසින් මීටර් 2 දශම 27ක උසක් වාර්තා කරමින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවයි. 2005 වසරේදී ඔහු එම වාර්තා යළි සම කළා. 

උෂාන් තිවංක පෙරේරා අමෙරිකාවේ ටෙක්සාස් හී උසස් අධ්‍යාපන කටයුතු සිදුකරමින් උස පැනීමේ ඉසව්වේ පුහුණුවීම් ද සිදු කරනවා. 22 හැවිරිදි ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙක්.