Thursday, April 25, 2024

General line - 0115112241

සුවස් ඇලේ  සිරවූනෞකාව මුදා ගැනීමේ මෙහෙයුමේ පළමු සාර්ථක පියවර තබයි




සුවස් ඇලේ සිරවී තිබෙන නෞකාවේ මුදා ගැනීමේ මෙහෙයුම් 06 වන දිනයටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වුවත් මෙම නෞකාවේ මුදා ගැනීමේ මෙහෙයුමේ පළමු සාර්ථක පියවර තැබීමට මුදා ගැනීමේ කාර්ය මණ්ඩලයට මීට සුළු මොහොතකට පෙර හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මුදා ගැනීමේ මෙහෙයුමේ නිරත සහන සේවකයින් සඳහන් කරන්නේ නෞකාව සිරවී තිබෙන ස්ථානයෙන් මිටර් 30ක ප්‍රමාණයක් (අඩි 100) චලනය කිරීමට සමත්වූ බවයි.

සිරවී තිබෙන MV Ever Given නම් මෙම නෞකාවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා විශාල ටග්යාත්‍රා දෙකක්ද සම්බන්ධවී ඇත.

නෞකාවේ ඇති බහාලුම් ඉවත් කිරීමේ කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි පැය කිහිපය තුලදී නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකිවනු ඇති බවයි ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ කණ්ඩායම් සඳහන් කර සිටින්නේ.

අද දිනයේ මුහුදේ වඩදිය තත්ත්වය වැඩිවශයෙන් පැවතීමත් සමග නෞකාව නිදහස් කර ගැනීමේ බලාපොරොත්තුවක් තබා ගත හැකි බවයි නෞකාව මුදා ගැනීමේ මෙහෙයුමට අණ දෙන සුවස් ඇලේ භාරකාර බලධාරීන් සඳහන් කරන්නේ.

නෞකාවට යටින් සිරවී තිබු වැලි කියුබ් මිටර් 27,000ක් පමණ ඉවත් කිරීමට සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කර ඇත. ඒ නෞකාවේ සුක්කානම සහ පොප්ලරය අවධානමකින් තොරව ක්‍රියාත්මක කරලීම සඳහා බවයි සහන සේවකයින් සඳහන් කර සිටින්නේ.

මේ වන විට නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ටග් යාත්‍රා 12ක් සම්බන්ධවී තිබෙනවා.