Saturday, April 20, 2024

General line - 0115112241

කැලිෆෝර්නියාවේ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියයයි




අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා දරුවෙකු ද සිටින බවයි. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති බව ද කැලිෆෝර්නියානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කැලිෆෝර්නියානු ආණ්ඩුකාර ගැවින් නිව්සම් ප්‍රකාශ කර ඇත්තේ, එම සිදුවීම බිහිසුණු සහ හදවත් කම්පා කරවන සුළු බවයි. 

පසුගිය මාර්තු 16 වනදා අමෙරිකාවේ ඇට්ලන්ටා නගරයේ සිදුකළ සමූහ වෙඩි තැබීමකින් 8 දෙනෙක් මියගිය අතර, මාර්තු 22 වනදා කොලරාඩෝ ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුකවූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.