Tuesday, April 23, 2024

General line - 0115112241

තායිවානයේ දුම්රිය අනතුරින් මියගිය ගණන 54 ක් දක්වා ඉහළට




නැගෙනහිර තායිවානයේ දුම්රියක් පීලි පැනීමට ලක්ව සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 54 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් ගණන ද 100 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවන අවස්ථාවේ එම දුම්රියේ මගීන් 490 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

තායිපේ අගනුවර සිට නැගෙනහිර ටයිටුන්ග් නගරය දක්වා ගමන් කරමින් තිබූ එම දුම්රිය පිලී පැනීමට ලක්ව තිබුණේ හුවාලියන් ප්‍රදේශයේ පිහිටි උමගකදීයි. පිලී පැනීමේදී දුම්රිය මැදිරි කිහිපයක් උමං බිත්තියේ ගැටී ඇති බව ද වාර්තා වනවා. පැයට සැතපුම් 80 ක පමණ වේගයෙන් ධාවනය වන එම දුම්රිය තායිවානයේ වේගවත්ම දුම්රියක් ලෙසයි සැලකෙන්නේ.