Friday, March 29, 2024

General line - 0115112241

තවත් පරාජයක් නැතිව ශ්‍රී ලංකාව කොදෙව් සංචාරය නිම කරයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පලමු ඉනිමට ලකුණු 354ක් රැස් කළා. ශ්‍රී ලංකා පිලට පලමු ඉනිමට රැස් කර ගත හැකි වුයේ ලකුණු 258ක් පමණයි. 

කඩුලු 04කට ලකුණු 280ක් රැස් කර සිටියදී කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා පිලට තරගය ජය ගැනීම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 377ක්. දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කඩුලු දෙකක් දැවී ලකුණු 193ක් රැස් කර සිටියා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 75ක් සහ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 66ක් රැස්  කළා. 

කොදෙව් සංචාරයේ පලමුවෙන් පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය දෙකට බිංදුවක් ලෙස කොදෙව් කණ්ඩායම ජය ගත්තා. පසුව පැවති එක්දින තරගාවලියද තුනට බිංදුවක් ලෙස ජය ගැනීමට සමත් වුයේ කෙදෙව් කණ්ඩායමයි. අනතුරුව පැවති ටෙස්ට් තරගාවලියේ පලමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන ටෙස්ට් තරගයද ඊයේ රාත්‍රීයේ ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය නිමා වුයේ ජය පරාජයෙන් තොරවයි.