Thursday, April 25, 2024

General line - 0115112241

අර්ජුනගේ ක්‍රිකට් වාර්තාවක් වසර 24කට පසු බිඳ වැටේ




ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් පිහිටවනු ලැබු වාර්තාවක් වසර 24 කට පසු ඊයේ බිඳ වැටුනා. ඒ, ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීයි. එලෙස දිමුත් කරුණාරත්න විසින් බිද හෙලනු ලැබුවේ විදෙස් රටකදී ශ්‍රී ලංකා නායකයෙකු ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේදී රැසකල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි. එහිදී දිමුත් කරුණාරත්න කොදෙව් දෙවන ඉනිමේදී ලකුණු 75ක් රැස් කළා. 

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අර්ජුන රණතුංගද අදාල වාර්තාව බිහි කර තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. ඒ, 1997 වසරේදීයි. ඔහු එහිදී කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 72ක් රැස් කළා. ශ්‍රී ලංකා නායකයින් ලෙස මාවන් අතපත්තු ඉන්දියාවට එරෙහිව 2005 වසරේදී ලකුණු 67ක්ද, 2016 දී ඇන්ජලෝ මැතිවුස් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 59ක්ද රැස් කර තිබුණා. 

එහෙත් ශ්‍රී ලංකා කිසිදු නායකයෙකු විදෙස් රටකදී ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේදී ශතකයක් රැස් කර නොතිබීම විශේෂත්වයක්.