Wednesday, April 17, 2024

General line - 0115112241

ඉන්දියාවට යලි ලොක්ඩවුන් අවධානමක්




කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු මුහුණු ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය රීතී උල්ලංඝණය කිරීම් ඉහල යාමේ තත්ත්වයක් ඉන්දියාවෙන් මතුවී තිබෙනවා. මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. ප්‍රාන්ත බළධාරීන් පවසන්නේ බොහෝ පිරිස් එන්නත ලබා ගැනීමෙන් පසු මුහුණු ආවරණ පැළඳීම අත්හැර දමා ඇති බවයි.

පවතින තත්ත්වය මත ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යළි සම්පූර්ණයෙන්ම වසා දැමීමේ අවදානමකට ද මුහුණ පා සිටිනවා. බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බළධාරීන් අනතුරු අඟවා ඇත්තේ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් අඩු නොවන්නේ නම් පූර්ණ වශයෙන් අගුලු දැමීමකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. ජනතාවගේ ක්‍රියාකලාපය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පවසන ඔවුන් අවධාරණය කරන්නේ රජයේ සෞඛ්‍ය පද්ධතිය ද ප්‍රමාණවත් නොවිය හැකි බවයි. මහාරාෂ්ට්‍රයේ ප්‍රාන්තයෙන් පමණක් ඊයේ දිනයේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 47,828 ක්. මෙම තත්ත්වය අඛණ්ඩව පවතින්නේ නම් ඉදිරි දින කිහිපය තුළ ප්‍රාන්තයට සම්පූර්ණ අගුලු දැමිය හැකි බවටයි ප්‍රාන්ත බළධාරීන් අනතුරු අඟවා සිටින්නේ.

මේ අතර පූනේ නගරයට දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති අතර ආගමික ස්ථාන, හෝටල්, අවන්හල්, සාප්පු සංකීර්ණ සහ සිනමාහල් සතියකට වසා දමා තිබෙනවා.