Friday, March 29, 2024

General line - 0115112241

ඉපරැණි හක්ගෙඩියක් මතු වෙයි




වසර එක්දහස් පන්සියයක් පමණ පැරණි බවට සැළකෙන හක්ගෙඩියක් සමග තවත් පුරාවස්තු කිහිපයක් කැනීම්වලදී මතුව තිබෙනවා.

අම්පාර ඓතිහාසික රජගලතැන්න කැණීම්වලදී මෙලෙස හක්ගෙඩියක්, සෙල් ලිපියක කොටසක් හා පෙත් මගක් සොයා ගත් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පැවසුවා.

බුදු පිළිමයක් තිබූ ස්ථානයක යට ගඩොල් මංජුසාවක මෙම හක්ගෙඩිය තැන්පත් කර තිබූ බවයි මහාචාර්ය හෙට්ටිආරච්චි කියා සිටියේ.

අනුරාධපුර යුගයේ දී සද්ධාතිස්ස කුමරුගේ පුත් ලජ්ජිතිස්ස කුමාරයා විසින් පුදබිම කැරවූ බව වංශ කතාවල සහ රජගලතැන්න පුදබිමෙන් මතු වන තොරතුරුවලින් පැහැදිළි වන බවයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර පවසන්නේ. පෙර රජ දවස මෙම පුදබිම රහතුන්වහන්සේලා වැඩ සිටි පුදබිමක් බවද සැළකෙයි.

කැණීම් සිදු කරන අවස්ථාවේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, නැගෙනහිර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂක නිල්මල්ගොඩ, බක්කිඇල්ල පොලිස් ස්ථානාධිපති ජයලත් සුරවීර යන පිරිසද එහි සිට තිබෙනවා.

accidentwww.nethnews.lk0001 accidentwww.nethnews.lk0002 accidentwww.nethnews.lk0003 accidentwww.nethnews.lk0004 accidentwww.nethnews.lk0005 accidentwww.nethnews.lk0006 accidentwww.nethnews.lk0007 accidentwww.nethnews.lk0008 accidentwww.nethnews.lk0009 accidentwww.nethnews.lk0010 accidentwww.nethnews.lk0011