Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා බොලිවුඩ් සිනාමවටත් රිංගයි




ඉන්දීය ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ කොවිඩ් 19 වෛරසය ලෝකප්‍රකට බොලිවුඩ් සිනමාවටද බලපෑම් කරමින් තිබෙනවා. ඒ, සුපිරි බොලිවුඩ් නලු අක්ෂේ කුමාර් ද කොවිඩ් ආසාදිතයෙකු බවට පත් කරමින්. ඔහු මෑතකදී  චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ද කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 53 හැවිරිදි වියේ පසුවන අක්ෂේ කුමාර් සැලකෙන්නේ බොලිවුඩ් සිනමාවේ ඉකුත් වසරේ සාර්ථකම නලුවා ලෙසයි. 

මීට පෙර නලු නිලියන් ඇතුලු බොලිවුඩ් සිනමා කර්මාන්තය සම්බන්ධ 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඒ අතරට අමිතාබ් බච්චන්, සල්මන් ඛාන් සහ සංජේ දත්ද ඇතුළත්.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 07 දෙනෙකුද දැනටමත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.