Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව සභාපති කංචන ජයරත්න




ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස කංචන ජයරත්න නිතරගයෙන් තේරී පත් වුණා.

ඒ ඊයේ පැවති එම සම්මේලනයේ නිලවරණයේදීයි. මෙහිදී ප්‍රධාන ලේකම් ලෙස ඒ එස් නාලක නිතරගයෙන් තේරී පත් වුණා.

කංචන ජයරත්න මෙවර වොලිබෝල් සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වූයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වොලිබෝල් සංගමය නියෝජනය කරමින්.

සභාපති තනතුර සදහා නාම යෝජනා භාර දී තිබූ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය සිය නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමත් සමග කංචන ජයරත්න සභාපති ධුරය සදහා නිතරගයෙන් තේරී පත් වුණා.

වොලිබෝල් සම්මේලනයේ උප සභාපති තනතුරු 6ක් වෙනුවෙන් නාමයෝජනා 8ක් ලැබී තිබූ අතර ඒ සදහා ඡන්ද විමසීමක් පැවැත්වුණා.

එම උප සභාපති තනතුරු 6 සදහා තේරී පත් වූයේ යුද හමුදා බි්‍රගේඩියර් මහේෂ් පෙරේරා, සී. රත්නමුදලි , චන්දන විජේසිංහ, නියොජ්‍ය පොලිස්පති නිමල් පෙරේරාල එයාර් කොමදෝරු පත්මන් ද කොස්තාල,  කපිතාන් ටී.එන්. ද සිල්වායි.  

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන සංවිධායක තනතුරට පුත්තලම දිස්ත්‍රික් සංගමයේ ධනපාල ජයපත්ම තේරී පත් වුණා.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ භාණ්ඩාගාරික තනතුරට තුෂාර සම්පත් හා නියෝජ්‍ය ලේකම් තනතුරු දෙකට තරුණ සේවා සභාවේ සමන් අබේවර්ධන, පාසල් සංගමයේ සාන්ත සිරි මීගමුවගේ තේරී පත් වුණා.