Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ සහ නැගෙනහිර ටිමෝරයේ ජල ගැලීම් වලින් 113 දෙනෙකු ජිවිතක්ෂයට




අධික වර්ෂාපතනය හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් ඉන්දුනීසියාවේ සහ නැගෙනහිර ටිමෝරයේ මියගිය පුද්ගලයින් ගණන 113 ක් දක්වා ඉහළට ගොස් තිබෙනවා. ඒ අතරින් 86 දෙනෙකු ඉන්දුනීසියාවේ පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජල ගැලීම් සමග ඇති වූ මඩ ප්‍රවාහයන්වලට යට වී පුද්ගලයින් රැසක් අතුරුදන්ව සිටිනවා.

ඔවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ. මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ සිය කණගාටුව පළ කර තිබෙනවා. 

ඉන්දුනීසියාවේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මිලියන 125 කට අධික ජනතාවකට නායයෑම් අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බවයි. එය ඉන්දුනීසියාවේ සමස්ත ජනහගනයෙන් හරි අඩකට ද වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.