Monday, April 19, 2021

General line - 0115112241

මෙරට විවාහක රූ රැජිණ අර්බුදය දුරදිග යයි

12419Views



කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් ඔවුන් සඳහන් කරන්නේ එහිදී කැරොලයින් ජූරිගේ හැසිරීම් මවිතය දනවන්නක් බවයි.

කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ඔවුන් දන්වා සිටිනවා.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන්.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here