Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වූවන්ට මානසික හෝ ස්නායු රෝග ඇති වීමේ වැඩි අවදානමක්




කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට මානසික හෝ ස්නායු රෝග ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් එම පර්යේෂණය සිදු කර ඇත්තේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ  05 කට අධික සංඛ්‍යාවකගේ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කිරීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝගය උත්සන්න වී රෝහල්ගත කළ හෝ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පුද්ගලයින්ට එවැනි රෝග ඇති වීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බවත් එම පර්යේෂකයින් පවසනවා.

ඒ අනුව ගත වූ මාස 06 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් සම්බන්ධයෙන් කළ පර්යේෂණවලදී ඔවුන්ට විශාදය, මානසික අවපීඩනය, මොළයේ රක්තපාත ආඝාතය සහ විවිධ ස්නායු රෝග වැළඳීමේ වැඩි හැකියාවක් ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.