Thursday, April 25, 2024

General line - 0115112241

ලංගම සේවකයින්ට ළඟදීම නිල ඇදුම්




ලංගම  බස් රථ රියදුරන්ට සහ සහායකයින්ට නිල ඇදුමක් ලබාදීමට සැලසුම්කර තිබෙනවා.

 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ මෙම වසර අවසන් වීමට පෙර එම නිල ඇදුම් ලබාදිමට කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පුහුණු පාසල් හා අනතුරු විමර්ශන කළමණාකාර එරන්ද දිල්හාන් පෙරේරා.

ලංගම, ආකර්ෂණීය ප්‍රවාහනය සේවයක් කිරීම එහි අරමුණ බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පුහුණු පාසල් හා අනතුරු විමර්ශන කළමණාකාර එරන්ද දිල්හාන් පෙරේරා වැඩිදුරටත් සදහන් කළා.