Thursday, April 25, 2024

General line - 0115112241

සැමට සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි




රටේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

එම ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සදහා නව අදහස් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ඊයේ පස්වරුවේ මහනුවරදී පැවති මහනුවර වෛද්‍ය සංගමයේ 43 වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

 ගම සමග පිළිසදර වැඩසටහන සදහා තමන් ගම්මානවල චාරිකා කරන අවස්ථාවලදී ග්‍රාමීය හා වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටළු ඍජුවම අත්දැකීමට හැකි වූ බවත් සෞඛ්‍ය පද්ධතියේ ජයගත යුතු යම් යම් දුර්වලතාද එහිදි හදුනා ගත් බවද ජනාධිපතිවරයා සදහන් කළා.

එබැවින් සමස්ථ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම ට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමුවිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.