මෙවර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේ සභාපති ධූරය සඳහා, එම සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන මනිලාල් ප්‍රනාන්දුගේ පුත් විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු තරඟ වැදීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා, මෙවර විශේෂඥ වෛද්‍ය මනිල් ප්‍රනාන්දුට සහාය දැක්වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව අනෙක් පාර්ශවයෙන් සභාපති ධූරයට තරඟ වදින්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් මහලේකම් මොහොමඩ් ජස්වර්. පාපන්දු සම්මේලනයේ නිලවරණය මැයි මස 13 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පාපන්දු ලීග 63 ක් සිය ඡන්දය භාවිත කිරීමට නියමිතයි.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here