Thursday, April 25, 2024

General line - 0115112241

ස්ත්‍රී දූෂණ ඉහළ යාම ගැන පකිස්තාන අගමැතිගේ කතාවට දැඩි විරෝධයක්




ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ඉහළයාමට අසභ්‍ය හැසිරීම් හේතුවී ඇතැයි පකිස්තාන අගමැති ඉමිරාන් ඛාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි විරෝධයක් හටගෙන තිබේ.

පුරවැසි ප්‍රශ්න ඉදිරිපත් කරන සාකච්ඡාවකදී පකිස්තානයේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සීඝ්‍ර ලෙස ඉහළයාම සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකදී අගමැති ඉම්රාන් ඛාන් සදහන් කළේ බටහිරින් සහ ඉන්දියාවෙන් පැමිණෙන අසභ්‍යත්වය,සහ එය මතු කරන ඇදුම් ආදියද මීට හේතුවක් වී ඇති බවයි.

ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ඉහළයාම පාලනය කිරීම සම්බන්ධයෙන් සමාජයටද වගකීමක් ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

පකිස්තාන අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පකිස්තාන මානව හිමිකම් කොමිසම, පකිස්තාන කාන්තා ක්‍රියාකාරිත්වය ඇතුලු සංවිධාන ගණනාවක් දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධාන එකතුව පෙන්වා දී ඇත්තේ මෙය ස්ත්‍රීන්ට සහ ළමුන්ට එරෙහි අපචාර වැළැක්වීමේ රාජ්‍ය වගකීමෙන් පළායාමේ උත්සහයක් බවයි.