Wednesday, April 24, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ තවත් තීරණයක් බයිඩ්න් පරිපාලනය වෙනස් කරයි




පලස්තීන සරණාගතයින් වෙනුවෙන් ලබාදෙන සහන සේවා සදහා නැවත අමෙරිකානු මූල්‍යාධාර ලබාදීමට බයිඩ්න් පරිපාලනය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේදී පලස්තීන සරණාගතයින් වෙනුවෙන් සැපයූ එක්සත් ජනපද ආධාර කපා හැරීමට තීරණය කළා.

කෙසේවෙතත් එම තීරණය වෙනස් කරමින් බයිඩ්න් පරිපාලනය ගෙන ඇති තීරණය අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන් විසින් ඊයේ ප්‍රකාශට පත් කර තිබෙනවා. ඒ අනුව පලස්තීන සරණාගතයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මානුෂිය ආධාර එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සිය වෙත ලබාදෙන බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ.