Saturday, April 20, 2024

General line - 0115112241

පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අත්අඩංගුවට




කොළඹ කොටුව ප්‍රදේශයේ අද උදැසන පැවති උද්ඝෝෂණයක් අතරතුර කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වන බව පොලීසිය පවසනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.