Thursday, April 25, 2024

General line - 0115112241

ඩෙන්මාර්ක් / ඉරාක කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තිදෙනෙකු කොළඹින් හමුවෙයි - මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයේ විකෘතිවීමක් ගැන පරීක්ෂණ




මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සිදුකරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී දකුණු අප්‍රිකාවෙන් වාර්තාවූ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

මෙම ආසාදිතයින් දෙදෙනා කටාර් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදී ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සපුගස්කන්ද, බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින්, මන්නාරම, යාපනය (1 සාම්පලයක්), කොළඹ සහ කෑගල්ල යන ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගේ වෛරස් සාම්පල් පරීක්ෂණයේදී ඒවා සියල්ලම මෙරටින් වාර්තා වූ B.1.411 යන වෛරස් කාණ්ඩයට අයත් බවට හඳුනා ගනු ලැබුවත් ඇතැම් වෛරස් සාම්පල් වල යම් විකෘති භාවයක් පෙන්නුම් කළ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව වෛද්‍ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.

යාපනයෙන් වාර්තා වූ ආසාදිතයින් ගේ සාම්පල් මේ සතියේ දී ලැබුණු බවත් ඒවා ඉදිරි විමර්ශන සිදුකරන බව සඳහන් කර සිටියා.

මේ අතර බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙකු මෙරටින් හමුව ඇති අතර ඉන් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද අනෙක් තැනැත්තා මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය සඳහා අත්අඩංගුවට පත්වූ ධීවරයෙක් වනවා.

මේ අතර ඩෙන්මාර්ක් / ඉරාකයේ ව්‍යාප්තවන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අසාදිතයින් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම පුද්ගලයින්ගේ සාම්පල් බුද්ධි අංශ විසින් ලබාදී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ.