Friday, March 29, 2024

General line - 0115112241

ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරි අත්අඩංගුවට 




ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජුරි සහ නිරූපිකාවක් වන චුලා පද්මෙන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඒ පසුගියදා පැවති විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ සිදුවීම හා සම්බන්ධයෙන්

පසුගියදා පැවති විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කැරොලයින් ජුරි සහ චුලා පද්මෙන්ද්‍ර  හට අද දිනයේදී කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව ඔවුන් පොලිසියට පැමිණ සිටියදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.