කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිණියක් වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන් දෙදෙනා අද අත්අඩංගුවට ගැණුනේ ඉකුත්දා පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් මහා තරගයේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කළ පැමිණිල්ලකට අදාළවයි.
එම තරගයේ ජයග්‍රාහිකාව ලෙස නම් කර තමන්ට පැළඳ වූ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර හිසට තුවාල සිදුකළ බවට පුෂ්පිකා ද සිල්වා එම පැමිණිල්ල සිදුකර තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here