Thursday, April 18, 2024

General line - 0115112241

පොලීසියේ රාජකාරී සදහා යාපනය නගර සභාවෙන් විශේෂ ඒකකයක් - වහාම සොයා බලන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්




යාපනය නගරයේ රථ වාහන පාලන කටයුතු ඇතුළු පොලීසියට අදාළ රාජකාරී කිරීමට යාපනය නගර සභාව මගින් පිහිටුවා ඇති කණ්ඩායම සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් කරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන්  අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් එහිදී අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්‍ෂ කියාසිටියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

යාපනය මහ නගර සභාව විසින් පිහිටුවා ඇති එම ඒකකය මගින් ලබන 10 වනදා සිට දඩ අය කිරීමට නියමිත බව යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ඉකුත්දා යාපනයේ පැවති මාධ්‍ය හමුවකදීයි. නගරයේ මහා මාර්ගවල කෙළ ගසන පුද්ගලයින්ට රුපියල් 2,000 ක් ද මාර්ග අවහිර වන සේ වාහන නතර කරන පුද්ගලයින්ට රුපියල් 3,000 ක් ද ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කරන්නන්ට රුපියල් 5,000 ක් ද වශයෙන් දඩ ගෙවීමට සිදුවන බවයි නගරාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.