Friday, March 29, 2024

General line - 0115112241

හමුදා පාලනය විවේචනය කළ එංගලන්තයේ මියන්මාර් තානාපති මෝටර් රථයක් තුළ රැය පහන් කරයි




මියන්මාර හමුදා පාලනය විවේචනය කළ එක්සත් රාජධානියේ සිටින මියන්මාර තානාපතිවරයාට ලන්ඩනයේ පිහිටි එම තානාපති කාර්යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වනවා.

මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා විසින් තමන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් තානාපති කාර්යාලයේ ගොඩනැගිල්ලට පැමිණීම වළක්වා ඇති බවයි එක්සත් රාජධානියේ මියන්මාර තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මෙම තත්ත්වය හේතුවෙන් මියන්මාර තානාපතිවරයාට ඊයේ රාත්‍රිය සිය මෝටර් රථය තුළ ගත කිරීමට සිදුව ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.