ආබාධිත සහ මියගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබදව අද පැවති ආරක්‍ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇතිතෙක් ලබාදීම සදහා සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. රණවිරු පවුල්වල එම ඉල්ලීම ඉටුකරන බවත් ඒ සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here