Friday, March 29, 2024

General line - 0115112241

ඩිල්ෂි කුමාරසිංහගෙන් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක්




කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඩිල්ෂි කුමාරසිංහ සමත්වුණා.

ඒ, කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රිඩා තේරීම් තරගාවලියේ 03 වන දිනය වූ අද දිනයේදීයි.

එහිදී එම ඉසව්ව විනාඩි 02 යි තත්පර 2 යි දශම 5 යි 2 ක කාලයකින් නිමා කරමින් ඩිල්ෂි කුමාරසිංහ එම නව වාර්තාව පිහිටුවීමට සමත්වුණා.

ඇය විසින් බිඳ දමනු ලැබුවේ ගයන්තිකා අබේරත්න විසින් 2017 වසරේදී පිහිටුවා තිබූ වාර්තාවක්.