Thursday, April 18, 2024

General line - 0115112241

මියන්මාරයේ තවත් චීන ඇගලුම් කම්හලකට ගිනි




මියන්මාරයේ යැන්ගොන්හි පිහිටි චීන ආයෝජකයන්ට අයත් තවත් ඇගලුම් කම්හලක් ගිනි තබා විනාශ කර තිබේ.

පෙරේදා අලුයම අදාළ කම්හලට ගිනි තබා ඇති අතර ඊට සම්බන්ධ පිරිස් මෙතෙක්  හදුනාගෙන නොමැති අතර එහිදී සිදුව ඇති හානියද මෙතෙක් තක්සේරු කර නොමැත.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනය සහය දෙන බවට චෝදනා නගමින්  හමුදා ආණ්ඩුවට එරෙහි විරෝධතාකරැවන් එරට පිහිටි චීන ආයෝජන විනාශ කිරීමේ රැල්ලක් නිර්මාණය වී තිබේ.

මියන්මාරයේ චීන රෙදිපිලි සහ ඇගලුම් ආයෝජන සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් ලූඕ මුෂෙයාන් සදහන් කර ඇත්තේ හමුදා ආණ්ඩුවට එරෙහි විරෝධතාකරැවන් මේ වනවිට මියන්මාරයේ පිහිටි චීන ආයෝකයන්ට අයත් ආයෝජන ව්‍යාපෘති 40 ක් පමණ විනාශ කොට හෝ ගිනි තබා ඇති බවයි.