Wednesday, April 24, 2024

General line - 0115112241

IPL සමාරම්භක තරගය තවත් නොබෝ වේලාවකින්




2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. පසුගිය වසරේ ශූරයන් වූ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතයි. චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගනයේදී රාත්‍රි 07 යි 30 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා කිසිඳු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට අවස්ථාව හිමිවුණේ නැහැ. කෙසේවෙතත්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්‍ෂවරයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනවා. සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මුත්තයියා මුරලිදරන්.