Friday, April 19, 2024

General line - 0115112241

පිලිප් කුමරු වෙනුවෙන් බ්‍රිතාන්‍ය තුවක්කු එකවර පත්තු වෙයි




දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත පිලිප් කුමරු වෙනුවෙන් බ්‍රිතාන්‍ය පුරා විවිධ මතක සැමරුම් අද පැවැත්වුණා. ඒ අතරින් ප්‍රධාන වුයේ බි්‍රතාන්‍ය පුරා ප්‍රධාන නගර ආශ්‍රීතව සිදු කළ ආචාර වෙඩි මුර උත්තමාචාරයයි. මුහුදේ සිටද රාජකීය නාවික හමුදාවේ යාත්‍රා මගින් ආචාර වෙඩි මුර උත්තමාචාර සිදු කළා. ඒ, විනාඩි 40ක් පුරා ආචාර වෙඩි මුර 41 සිදු කරමින්. 

පිලිප් කුමරුගේ අභාවය සැලවීමෙන් පසු ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයින් සිය කණගාටුව ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩ රැසක් මේ වන විටත් නිකුත් කර තිබෙනවා.