Tuesday, April 23, 2024

General line - 0115112241

චෙන්නායි කණ්ඩායම පරදවා දිල්ලි කැපිටල්ස් පිල විශිෂ්ඨ ජයක් ලබයි




අයී පී එල් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා. ඒ, චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 07කට ලකුණු 188ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායම 19 වන පන්දුවාරයේදී එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි. දක්ෂ පිතිහරඹයක නිරත වූ ශිකර් ධවාන් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේ, ලකුණු 85ක් රැස් කර ගැනීම හේතුවෙන්.
අයී පී එල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි.