Saturday, April 20, 2024

General line - 0115112241

අවුරුද්දට කලින් හැටන් නගරයට අවුරුදු

රංජිත් රාජපක්ෂ - හැටන් 




එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිතෙන් නිවිසට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු රෙදි පිලි මිල දි ගැනිමට හැටන් නගරයට දින විශාල පිරිසක් පැමිණ තිබෙනවා. නගරයට පිවිසෙන පාරිභෝගිකයන් වෙනුවෙන් ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණා.

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ නගරයට පිවිසෙන පාරිභෝගිකයන් වෙනුවෙන් හැටන් පොලිසිය විශේෂ ආරක්ෂාවක් දියත් කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. නගරයට පැමිණි සියළු පාරිභෝගිකයන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් නගරයට පිවිස සිටි ආකාරය දැක ගත හැකි වූ බවද නෙත් වාර්තාකරු පැවසුවේ.