Saturday, April 20, 2024

General line - 0115112241

අඩු ආදායම් ලාභීන්ට 5000 දීමනාව බෙදා දීමේ ගැටලුවක්




එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ක දීමනාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් අදාල දීමනාව ලබා දිම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කිරීමයි.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මෙවැනි තීරණයක් ගම් මට්ටමින් හදිසියේ ක්‍රියාවට නැංවිමේදී බරපතල ගැටලු මතුවිය හැකි බවයි. එබැවින් 5,000සේ දීමනාව බෙදා දීම හෙට සහ අනිද්දා සිදු කිරීමට නොහැකි බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ පවසනවා.

ග්‍රාම නිලධාරීන්ද පවසන්නේ රුපියල් 5,000 දීමනාව බෙදා දීමෙන් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ඉවත් වන බවයි.

කෙසේවෙතත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ හෙට සිට රුපියල් 5,000 දීමනාව ලබා දීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ක දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අදාල විශේෂ චක්‍රලේඛය ද අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විටත් ප්‍රකාශයට පක් කර තිබෙනවා. 

ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් සඳහාත් අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලබා ඇති එවැනි පවුල් සඳහාද පමණක් මෙම රුපියල් 5,000 දීමනාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.