Saturday, April 20, 2024

General line - 0115112241

දින 85කට පසු හම්බන්තොට අලි ගැටලුවට උත්තර ලැබේ




හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ නිවේදනය මුද්‍රණය කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි වාර්තාවනවා. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසන්නේ හම්බන්තොට, වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනීගෙන්ද විමසීමක් කලා. ඇය සඳහන් කළේ, මුද්‍රණය සඳහා එවැනි ලේඛනයක්  මේ දක්වා ලැබී නොමැති බවයි. එහෙත් එවැනි ලේඛණයක් මුද්‍රණය කිරීම සඳහා වෙන් කිරීමක් සිදුකර ගෙන ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළා. 

හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නිලධාරීන් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට දින 85ක්. ඊට සහාය පළ කරමින් මහියංගනය නගර මධ්‍යයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට ද අදට දින 26ක් සම්පුර්ණවනවා.