Friday, April 19, 2024

General line - 0115112241

පස්සර කොස්තාපල්වරයෙකුගේ මුහුණට පිහිපාරක්




පස්සර නගරයේ අද (12) උදෑසන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ මුණට එල්ලවු පිහි පහරිකින් බරපතල තුවාල ලැබු නිළධාරියා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසනවා.

තුවාල ලැබු කොස්තාපල්වරයා නගරයේ රාජකාරියේ නිරතව සිටියදි, පෙටිටි කඩයක් පවත්වාගෙන යන බව කියන වෙළෙන්දෙකු, කොස්තාපල්වරයාගේ මුහුණ පිහියකින් කපා තිබෙන අතර බරපතල තුවාල ලැබු නිළධාරියා පස්සර දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

සැකකරු පිහියත් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.