Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් 160,000 සීමාවත් ඉක්මවයි




ඉන්දියාවෙන් දෛනිකව හඳුනා ගැනෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට වාර්තා ගත ලෙස ඉහළ යමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මේවනවිට එම සංඛ්‍යාව එක් ලක්ෂ 60,000 සීමාව ද ඉක්මවා ඇති බවයි. 

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් එක්ලක්ෂ 60, 694 ක් හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් අතරින් සියයට 33 ක පමණ ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා මරණ 880 ක් වාර්තා වුණා. ඉන් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 258 ක්.

ඉන්දියාවෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් එක් කෝටි තිස්හය ලක්ෂ 86,000 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ලොව දෙවන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ ද ඉන්දියාවයි.  එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 71,000 ක්.