Thursday, April 25, 2024

General line - 0115112241

රුසියාවේ ස්පුට්නික් එන්නතට ඉන්දියාවේ අනුමැතිය




රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත රට තුළ භාවිත කිරීම සඳහා ඉන්දියාව අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසයට එරෙහිව ඉන්දියාව තුළ භාවිත කෙරෙන 03 වන එන්නත වන්නේ රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නතයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව මේවනවිට භාවිත කරමින් සිටින්නේ එරට නිෂ්පාදිත කොවිෂීල්ඩ් සහ කොවැක්සීන් යන එන්නත්. 

කෙසේවෙතත්, 03 වන කොරෝනා රැල්ලේ අවදානම හමුවේයි රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත භාවිතය සඳහා ඉන්දියාව එලෙස අනුමැතිය ලබාදී ඇත්තේ. රුසියාවේ ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නත ආරක්ෂිත යැයි සැලකෙන අතර ඉන්  කොරෝනා වෛරසයට එරෙහිව ලැබෙන ආරක්ෂාව 92% ක් පමණ වන බව නවතම සමීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. එම එන්නත මේවනවිට රටවල් 30 කට වැඩි ප්‍රමාණයක භාවිත කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන්.