Thursday, April 25, 2024

General line - 0115112241

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට නවක වමත් දඟ පන්දු යවන්නෙකු ශ්‍රී ලංකා පිලට කැඳවයි




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා යොවුන් වමත් දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම, ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. ඒ, පාදයේ අබාධයකට ලක්ව සිටින දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වෙනුවටයි.

කොදෙව් සංචාරයේදී සාර්ථක වූ යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංකගේ අබාධය මේවනවිට සුවවී ඇති අතර ඔහු ද ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබෙනවා. බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අනුමැතිය සඳහා මේවනවිට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇති අතර අද හෝ හෙට එම සංචිතය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

තරග 02 කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතයි.