Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාව, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අත්හිටුවයි




ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා මර්දන එන්නත රටතුළ භාවිතය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ, අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් කිහිපයක් වාර්තා වීමෙන් පසුවයි.

 අමෙරිකාව තුළ මේවනවිට අදාළ එන්නත් මාත්‍රා මිලියන 6 කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබෙන අතර ඉන් රුධිර කැටි ගැසීම් පිළිබඳ සිදුවීම් 06 ක් වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ. එලෙස රුධිර කැටිගැසීම්වලට ලක්ව ඇති සියලුදෙනා කාන්තාවන් වන අතර ඔවුන් අවුරුදු 18 ත් 48 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බව අමෙරිකානු පුවත්පත් වාර්තා කළා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන බවයි  අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන ඒජන්සිය ප්‍රකාශ කළේ. එබැවින් එන්නත වඩාත් සුපරික්ෂාකාරීව භාවිත කිරීම සඳහා කෙටි විරාමයක් නිර්දේශ කරන බව ද අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.