Thursday, April 25, 2024

General line - 0115112241

කාලගුණයෙන් පළාත් 05 කට අවවාදාත්මක නිවේදනයක්




බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.  

වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවදානය යොමු කරන ලෙසයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.