Saturday, April 20, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමේදී පොලිස් නිලධාරියෙකුට පහරදුන් රියදුරෙකු අත්අඩංගුවට




දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් කොළඹ දෙසට ධාවනය කිරීමට ඇතුළත් කෙරුණු මෝටර් රථයක සිටි රියදුරෙකු, රාජකාරියේ නියුතුව සිටි අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙකුට පහර දී තිබෙනවා. ඒ, අදාළ රියදුරා ආසන පැටිය පැළඳ නොමැති බවට පොලිස් නිලධාරියා විසින් දන්වා සිටි අවස්ථාවේදීයි.

එහිදී උරණ වූ රියදුරා පොලිස් නිලධාරියාට පහර දී ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.