Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කරන බවට ජෝ බයිඩ්න්ගෙන් ප්‍රකාශයක්




ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා සෙබලුන් ඉවත් කරගැනුණ ද, එරටට අවශ්‍ය මානුෂීය සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය අඛණ්ඩව ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ලබන සැප්තැම්බර් 11 වනදාට පෙර ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා සෙබලුන් ඉවත් කරගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කරමින්. අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ද ජෝ බයිඩ්න් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇෆ්ගනිස්ථානයේ අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් අමෙරිකාවට එල්ල කරන ලද 9 යි 11 ප්‍රහාරයෙන් පසු, අමෙරිකාවේ හමුදා බල ඇණි ඇෆ්ගනිස්ථානයට අනියුක්ත කිරීමට පියවර ගැනුණා.

මේ වනවිට අමෙරිකානු හමුදා බල ඇණි 3,500 ක් පමණ ඇෆ්ගනිස්ථානයේ සිටින බවයි වාර්තා වන්නේ. 9 යි 11 ප්‍රහාරයට විසි වසරක් සැපිරීම නිමිත්තෙන්, මෙලෙස අමෙරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගැනීමට තීරණය කර තිබෙනවා. තම ජනතාව සහ රට ආරක්ෂා කිරීමට මේ වනවිට ඇෆ්ගනිස්ථානයට පූර්ණ හැකියාවක් ඇති බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.