Wednesday, April 24, 2024

General line - 0115112241

ලොව පුරා කොරෝනා ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු ඇඟවීමක්




ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කනස්සල්ලට පත්විය යුතු අනුපාතයකින් අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. 

මේ අතර, ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද මිලියන 03 ඉක්මවා ගියා. නවතම වාර්තාවලට අනුව මේ වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තිස්ලක්ෂ 3,252 ක් ලෙසයි. ලොව පුරා මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහතුන්කෝටි අනූනවලක්ෂ 36,833 ක්. ඒ අතරින් එකොළොස්කෝටි අසූනවලක්ෂ 6,557 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.