Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුගේ අවමංගල උත්සවය අද




බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යය වේලාවෙන් පස්වරු 03 ටයි. මීට පෙර පැවති රාජකීය අවමංගලෝත්සව සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් සහභාගී වුව ද, කොවිඩ් වසංගත ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් පිලිප් කුමරුගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. 

ඒ අනුව අවමංගල්‍යය උත්සවය දෙවන එළිසබෙත් රැජිණ ප්‍රමුඛ රාජකීය පවුලේ සාමාජිකයින් ඇතුළු 30 දෙනෙකුට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.