Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යාජව නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 18 ක් ඇමරිකානු බලධාරීන්ගේ අත්අඩංගුවට 




මේ වසරේ පළමු මාස තුනේදී ව්‍යාජව නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 18 ක් පමණ ඇමරිකානු රේගු සහ පාරිභෝගික ආරක්ෂණ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆොක්ස් නිවුස් පුවත් සේවය වාර්තා කරන්නේ ව්‍යාජ ලෙස ව්‍යාජ ලෙස වෙළෙද නාම භාවිතා කිරීම සහ නිසි ප්‍රමිතියකින් තොරවීම මත මේවා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ⁣ව්‍යාජ මුහුණු ආවරණවලින් බහුතරය චීනයේ නිෂ්පාදනය කොට ඇමරිකාවය අපනයනය කර ඇතැයිද එම වාර්තාවල දැක්වේ.

මීට දින දෙකකට පමණ පෙරද ඩොලර් තුන් ලක්ෂ පනස් දහසක වෙළෙද පළ වටිනකමකින් යුත් එවැනිම මුහුණු ආවරණ තොගයක් හූස්ටන් වරායේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවාද චීනයේ සිට එවා ඇති බව ඇමරිකානු බලධාරීන් අනාවරණය කොට ගෙන තිබේ.