Tuesday, April 23, 2024

General line - 0115112241

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට එන්න අද දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ අමතර බස්රථ 200 ක් පමණ අද දිනයේද ධාවනයට එක්කර ඇති බවයි. අධිවේගී මාර්ග ආශ්‍රීතවද ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට එක් කර ඇති බවයි ලංකා ගමනගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ. 

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද දිනයේද ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ. 

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා පෞද්ගලික බස්රථද ප්‍රමාණවත් පරිදි අද දිනයේ ධාවනයට එක් කරන බවයි බස් සංගම් පැවසුවේ. 

කෙසේවෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මාර්ගෝපදේශ නොතකමින් ඇතැම් බස් රථ ධාවනයේ නිරත වන බවයි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ.