Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා තුන්වන රැල්ල වැළැක්වීමට වගකීමෙන් කටයුතු කරන්නැයි යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්




කොරෝනා තුන් වන රැල්ල මෙරට ඇතිවීම වැළැක්වීමට සියළු ජනතාව දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නිවසින් පිටතට යන විට මුව ආවරණ පැළදීම අනිවාර්යයෙන් සිදුකරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 253 දෙනාගෙන් 48 දෙනෙකුම වාර්තා වන්නේ විදෙස් රටවල සිට පැමිණි පිරිසෙන් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ වනවිට කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ

බස්නාහිර පළාතේ සහ කොරෝනා රෝගීන් වාර්තා වන අනෙකුත් ප්‍රදේශවල පී සී ආර් පරීක්‍ෂණ සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේවෙතත් ඊයේ දිනය තුළ මෙරට පී සී ආර් පරීක්‍ෂණ 5,136 ක් සිදු කළ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.