Friday, April 19, 2024

General line - 0115112241

කුරුණෑගල ගම්මානයකට සංචරණ සීමා




කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ, තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි.

එම ප්‍රදේශයේ පවුල් 64ක පුද්ගලයින් 267 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.